2012-08-25

තියුණු තරඟයකින් පසු කදුරට වොරියස් පිලට ලකුණු 02ක ජයක්


එස්.එල්.පී.එල් 16 වැනි තරඟය ලෙස මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඩ් පිල සහ සනත් ජයසූරියගේ කදුරට වොරියස් පිල අතර පැවති තරඟයෙන් ලකුණු 02ක ජයක් කදුරට වොරියස් පිලට අත් විය.
කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් කදුරට වොරියස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි කඩුලු 08 ක් දැවි ලකුණු 149 ලබාගත්තේය.
එයට පිලිතුරු ලෙස පිටියට පැමිණි වයඹ යුනයිටඩ් පිලට පන්දුවාර 20 අවසානයේදි ලබා ගැනිමට හැකිවුයේ ලකුණු 147ක් පමණි.
තරඟයේ වීරයා ක‍්‍රිස් ලින්.
වයඹ පිලේ නායක මහේල ජයවර්ධන අද තරගයට සහභාගි නොවු අතර පාකිස්තානු පිලේ මොහොමඩ් හෆීස් වයඹ පිල මෙහෙයවන ලදි.

කදුරට වොරියස් පිල  ඕවර 20 ලකුණු 149/8 - ක‍්‍රිස් ලින් 80 , ජීවන්ත කුලතංග 23 , කෞෂාල් ලොකුආරච්චි 11 , මොහොමඩ් හෆීෂ් 14/2, ඉසුරු උදාන 35/2, අබ්දුල් රසාක් 20/2

වයඹ යුනයිටඩ් පිල ඕවර 20 ලකුණු 147/6 - මොහොමඞ් හෆීෂ් 34 , අබ්දුල් රසාක් නොදැවි 36 , කෞෂාල් ලොකුආරච්චි 15/3 , සොහෙල් තන්වීර් 41/1

No comments:

Post a Comment