2012-08-24

අංක 1 වයඹ සහ අංක 4 කඳුරට ගැටුමේ වැඩි වාසි වයඹට?


ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20-20 ක්‍රිකට්‌ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින වයඹ කණ්‌ඩායම සහ එම ලැයිස්‌තුවේ සිව්වැනි ස්‌ථානයේ සිටින කඳුරට කණ්‌ඩායම අතර තරගය අද (24 දා) ප.ව. 8.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මහේල ජයවර්ධන නායකත්වය දරන වයඹ කණ්‌ඩායම තරග හතරකදී අපරාජිතව ප්‍රසාද ලකුණු අටක්‌ හිමිකර ගෙන ඇති අතර සනත් ජයසූරිය නායකත්වය දරණ කඳුරට කණ්‌ඩායම තරග 4 කදී ජයග්‍රහණ දෙකක්‌ සමග ප්‍රසාද ලකුණු හතරක්‌ ලබා සිටියි.

එස්‌.එල්.පී.එල්. තරගාවලියේ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට වයඹ කණ්‌ඩායමේ කමරන් අක්‌මාල් සමත්ව සිටින අතර ඔහු තරග හතරකදී අර්ධ ශතක දෙකක්‌ සමග ලකුණු 191 ක්‌ ලබා තිබේ. එම ලැයිස්‌තුවේ දෙවැනි ස්‌ථානය බස්‌නාහිර කණ්‌ඩායම් නායක තිලකරත්න ඩිල්ෂාන්ට හිමිව ඇති අතර ඔහු තරග පහකදී අර්ධ ශතක දෙකක්‌ සමග ලකුණු 180 ක්‌ ලබා ඇත.


අද තරගයට සහභාගි වන කඳුරට කණ්‌ඩායමේ ෂොහිල් ටන්වීර් පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටින අතර ඔහු තරග 4 කදී කඩුලු 10 ක්‌ බිඳ හෙළා ඇත.

ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්‌ථානයේ පසුවන උතුරු කණ්‌ඩායමට සහ බස්‌නාහිර කණ්‌ඩායමට අවසන් පූර්ව තරග අවස්‌ථාව ලබා ගැනීමේ අවස්‌ථාව බොහෝ දුරට ගිලිහී යැමේ අවස්‌ථාවක්‌ පවතී. අද තරගයේදී කඳුරට කණ්‌ඩායම ජය ගතහොත් ඔවුනට අවසන් පූර්ව තරග අවස්‌ථාව ලබා ගැනීමේ වැඩි අවස්‌ථාවක්‌ නිර්මාණය වන අතර වයඹ කණ්‌ඩායම මේ වන විටත් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමේ අවස්‌ථාව හිමිකර ගෙන ඇත.

ප්‍රසාද ලකුණු සටහන

කණ්‌ඩායම          තරග      ජය      පරාජ      ලකුණු

වයඹ                       4         4          0           8

ඌව                        4          3         1           6

නැගෙනහිර              4          3         1           6

කඳුරට                     4          2         2           4

රුහුණ                     4           1         3          2

බස්‌නාහිර                 5           1         4          2

උතුර                       5           1         4           2
 

No comments:

Post a Comment