2012-08-31

ආසියානු ශූරතා දැල්පන්දු අවසන් මහ තරගයට ශ්‍රී ලංකාව-සිංගප්පූරුව

අද දිනන්නෝ 2014 පොදුරාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙලට


පුරා සතියකට ආසන්න කාලයක්‌ (අගෝ. 25-31) කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ පැවැති ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ අටවැනි දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සත්කාරක ශ්‍රී ලංකා සහ සංචාරක සිංගප්පූරු ජාතික කණ්‌ඩායම් ඊයේ සුදුසුකම් ලැබූ අතර, අදාළ අවසන් මහ තරගය අද (31 දා) ප.ව. 3.30 ට එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

2012-08-30

ආසියානු ශූරතා දැල් පන්දු ශ්‍රී ලංකාව අද තවත් පියවරක්‌ පෙරමුණට?


ආසියානු ශූරතා දැල් පන්දු තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කණ්‌ඩායම් 4 ක්‌ මේ වන විට තේරී පත්ව සිටිති.

හෙට (31 දා) පැවැත්වෙන අදාළ අවසන් මහ තරග අවස්‌ථාව උදාකර ගැනීම සඳහා 'ඒ' කාණ්‌ඩයෙන් ශ්‍රී ලංකාව සහ හොංකොංද, 'බී' කාණ්‌ඩයෙන් මලයාසියාව සහ සිංගප්පූරුවද සුදුසුකම් ලබා සිටින අතර අද පැවැත්වෙන ශ්‍රී ලංකා - මලයාසියා සහ සිංගප්පූරු - හොංකොං තරග දෙකෙහි ශූරියෝ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබති.
ආසියානු ශූරතා දැල්පන්දු වත්මන් ශූරියන් වන ශ්‍රී ලංකාව මෙවරද සාර්ථක ප්‍රතිඵල සනිටුහන් කරමින් අපරාජිතව ඉදිරියට පැමිණ සිටින අතර, කණ්‌ඩායම එම ගමනෙහි දී හොංකොං කණ්‌ඩායම ලකුණු 81-38 වශයෙන්ද, නේපාලය 127-3 වශයෙන්ද සහ ජපානය 110-8 වශයෙන්ද පරාජය කිරීමට සමත් විය.

2012-08-29

වයඹ United පරදා ඌව Next අවසන් තරගයට.

SLPL Semifinal 1
 SLPL පළමු අවසන් පූර්ව තරගයේදී වයඹ United පරදා ඌව Next අවසන් තරගයට පැමිණීමට සමත් වී ඇත.
 Jacob Oram backed his explosive innings with a three-wicket haul to put Uva ahead in the 1st semi-final against Wayamba in Colombo
Score Board.
Sri Lanka Premier League - 1st semi final
Uva Next won by 20 runs

ශ්‍රී ලංකාව ලකුණු 110-08 කින් ජපානය පරාජය කරයි

 
කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී දැන් ක්‍රියාත්මක 08 වැනි ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ සිව්වැනි දිනය වූ ඊයේ (28 දා) ශ්‍රී ලංකා දැල්පන්දු කණ්‌ඩායම සිය සිව්වැනි ජයද වාර්තා කිරීමට සමත්විය.

ජපානයට එරෙහිව පැවැති අදාළ තරගයේදී ලකුණු 110 ට-08 ක්‌ වශයෙන් අතිවිශිෂ්ඨ ජයක්‌ වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. මෙම තරගයද ඇතුලුව මීට පෙර හොංකොං, ඉන්දියාව සහ නේපාලය යන රටවල් පරාජය කිරීමට සමත්වීම මත ශ්‍රී ලංකා කණ්‌ඩායම මේ වන විටත් තරගාවලියේ අපරාජිතව පසුවේ. ශ්‍රී ලංකාව සහ ජපානය අතර තරගයේ අවස්‌ථාක්‌ මෙහි දැක්‌වේ.

ලන්ඩන් පැරාලිම්පික්‌ සමාරම්භක උළෙල අද

පදක්‌කම් සටනට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4200 ක්‌
ශ්‍රී ලංකාවෙන් 7දෙනෙක්‌
සුසිල් ප්‍රේමලාල් එංගලන්තයේ ලන්ඩන් නුවර සිට


2012 ලන්ඩන් පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල අද (29 දා) රාත්‍රියේ එංගලන්තයේ ලන්ඩන් නුවරදී උත්සවශ්‍රීයෙන් (ලන්ඩන් ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලේ සමාරම්භය මෙන්) ආරම්භ කිරීමට දැන් සියලු විධි විධාන යොදා ඇත.
ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලක්‌ අවසන් වී දෙසතියකට පසු පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල පැවැත්වීම පැරාලිම්පික්‌ ක්‍රීඩා සම්ප්‍රාදාය වේ.
ලන්ඩන් ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලට පසු 2012 වසරේ එංගලන්තයේ පැවැත්වෙන විශාලතම ක්‍රීඩා උළෙල මෙය වන අතර, මෙය සංවිධානය කිරීම සහ ආගන්තුක සත්කාර සඳහා අති විශාල මුදලක්‌ වැය කිරීමට එංගලන්ත රජය පියවර ගෙන ඇත.
පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල එංගලන්තයේ සංවිධානය කරනු ලබන දෙවැනි අවස්‌ථාව මෙය වේ. මීටර පෙර 1984 වසරේදී එංගලනත්ය ප්‍රථම වරට පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙලක්‌ සංවිධානය කර ඇත. මෙවර පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල 15 වැනි ක්‍රීඩා උළෙල වේ.

2012-08-28

"අපි ගැන බලාපොරොත්තු තබා ගන්න·" - සුසිල් ප්‍රේමලාල් ලන්ඩන් නුවර සිට


හෙට (29 දා) ආරම්භ කෙරෙන ලන්ඩන් පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩිකාව ඇතුළු ක්‍රීඩකයන් 6 දෙනාම ලෝක පරිසාධනයේ ඉහළින්ම සිටින හෙයින් ශ්‍රී ලංකාවට බලාපොරොත්තු රැසක්‌ තබාගත හැකි බව ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායක ලාල් පුෂ්පකුමාර පවසයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සැරයන්වරයකු වන ලාල් පුෂ්පකුමාර පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙලක්‌ නියෝජනය කරන දෙවැනි අවස්‌ථාව මෙය වන අතර, 2008 බෙයිජිං පැරලිම්පික්‌ ක්‍රීඩා උළෙල ඔහුගේ ප්‍රථම ඔලිම්පික්‌ නියෝජනය වේ.
ලන්ඩන් පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල ඉලක්‌ක කොට ගෙන දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකා පුහුණු සංචිතයට විධිමත් පුහුණුවක්‌ හිමිවූ බවත් ඊට අමතරව ජාත්‍යන්තර තරගාවලි රැසකට සහභාගි වූ පුහුණු අත්දැකීම් සමූහයක්‌ ලැබූ බවත් "දිවයින"ට පැවසූ ලාල් පුෂ්පකුමාර මෙවර ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ගෞරවයක්‌ දිනා දීම තම කණ්‌ඩායමේ සැමගේ ප්‍රධාන අරමුණ බවත් පැවසීය.
කෑ/වර/ මයින්නෙළුව මහ විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ලාල් පුෂ්පකුමාර උස පැනීමේ ඉසව්වට සහභාගි වේ.
උතුරේ කුරිරු යුද්ධයේදී එක්‌ පාදයක්‌ දණහිසින් පහළ අහිමි වී ඇති ඔහු ඔ 46 ඉසව්ව යටතේ මේ වන විට දක්‌වා ඇති උපරිම දක්‍ෂතාව මීටර් 1.85 කි.
ලාල් පුෂ්පකුමාර මෙවර ක්‍රීඩා උළෙලේදී එක්‌ ඉසව්වකට පමණක්‌ සහභාගි වන අතර, එම ඉසව්ව ලබන සැප්තැම්බර් 8 දා ක්‍රියාත්මක කෙරේ.

ආසියානු වාර්තාවක්‌ ද පිහිටුවමින් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක්‌ වාර්තා කරයි

කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ දැන් ක්‍රියාත්මක 8 වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ තෙවැනි දිනය වූ ඊයේ නේපාලය පරාජයට පත්කරමින් වාර්තාගත තරග ජයග්‍රහණයක්‌ වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.
අදාළ තරගයේ අවසාන ලකුණු තත්ත්වය 127-3ක්‌ ලෙසින් සටහන් වූ අතර මෙය ආසියානු දැල්පන්දු තරගාවලියක කණ්‌ඩායමක්‌ වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා අතරට එක්‌වනු ඇත.
ඒ සමග තරගාවලියේ අපරාජිත තෙවැනි ජයග්‍රහණයත් වාර්තා කළ ශ්‍රී ලංකාව කතිර ක්‍රමයට පැවැත්වෙන අවසන් පූර්ව තරගය සඳහා මෙම ජයග්‍රහණයත් සමග පැහැදිළිවම සුදුසුකම් සපුරන ලදී.