2012-08-26

ක්‍රීඩා සංගම්වල පදවි දැරීම දේශපාලකයන්ට තහනම් කරනවා - ක්‍රීඩා ඇමති


Sri Lanka Sports Minister Mahindananda Aluthgamageක්‍රීඩා සංගම්වල නිලතල දැරීම ලබන වසරේ සිට දේශපාලකයන්ට තහනම් කරන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

මෙවැනි තහනමක් පිළිබඳව ඇමතිවරයා මීට කලින් ද ප්‍රතිඥා දුන් නමුත් පාපන්දු සංගමයේ සභාපති පදවිය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරට යලිත් වරක් තරඟයට ඉදිරිපත් වීම සඳහා ඇමතිවරයා අනුමැතිය ලබා දුන්නේ එම පොරොන්දුව දීමෙන් අනතුරුවයි.
මීට කලින් වතාවක එය ක්‍රියාත්මක නොකළේ වොලිබෝල් සංගමයේ සභාපති පදවිය දරන අමාත්‍ය ඩිලාන් පෙරේරා වොලිබෝල් ක්‍රීඩාවට "දැවැන්ත මෙහෙයක්" කරන නිසා බවයි, ඇමතිවරයා පවසන්නේ.

හරූන් ලොර්ගාට්

ක්‍රීඩාලෝලීන් ගෙන් මත විමසීම

"ඔබ කියන තරම් පුළුල් විදියට ඒ ක්‍රියාදාමය කරන්න අමාරුයි මොකද ක්‍රීඩා ලෝලීන් සහ පොදු ජනතාව කියන්නේ විශාල පිරිසක්. කොහොම වුනත් මේ ක්‍රියාදාමයේදී පුළුවන් තරම් විශාල පිරිසකට ඇහුම්කන් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා"
අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයේ හිටපු ප්‍රධාන විධායක හරූන් ලොර්ගාට්
සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය යලි නඟා සිටුවීම සඳහාත් " දැවැන්ත වැඩ පිළිවෙලක්" ක්‍රියාවට නගමින් සිටින බවයි, ඇමතිවරයා පවසන්නේ.
ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස්කම් ගණනාවක් කිරීමට තමන් සූදානම් වන බවද පවසන ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ එම සංශෝධන ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශකයෙකු වශයෙන් අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයේ හිටපු ප්‍රධාන විධායක හරූන් ලොර්ගාට් ද උපදේශකයෙකු වශයෙන් බඳවා ගත් බවයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රියාත්මක කිරීමට සැරසෙන දැවැන්ත වෙනස්කම් කවරේදැයි යන්න පසුගියදා හරූන් ලොර්ගාට් ඇමතූ බීබීසී සංදේශය ඔහුගෙන් විමසීමක් කළේය.
"ඒ වෙනස්කම් ගැන කතාකරන්න තවම ඉක්මන් වැඩියි. මොකද ලංකාවේ ක්‍රිකට් පරිපාලනයක් තියෙනවා. ඉස්සෙල්ලම මම ඔවුන් හමුවෙලා ඔවුන් ගේ අවශ්‍යතා මොනවාද කියල හඳුනාගත යුතුයි. ඊට පස්සේ අපිට එකට එකතුවෙලා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සඳහා වඩාත්ම සුදුසු සංශෝධන ක්‍රියාත්මක කරන්න පුළුවන්," බව හරූන් ලොර්ගාට් බීබීසී සංදේශය ට පැවසීය.
ක්‍රිකට් ක්‍රීඩාවට සංශෝධන ඉදිරිපත් කිරීමේදී ඒ සඳහා ක්‍රිකට් ලෝලීන් සහ අනෙක් අදාළ අංශවලින් විවෘත අදහස් විමසීමක් කරන්නේ ද යන්න සංදේශය හරූන් ලොර්ගාට් ට යොමු කළ තවත් ප්‍රශ්නයක්.
"ඔබ කියන තරම් පුළුල් විදියට ඒ ක්‍රියාදාමය කරන්න අමාරුයි මොකද ක්‍රීඩා ලෝලීන් සහ පොදු ජනතාව කියන්නේ විශාල පිරිසක්. කොහොම වුනත් මේ ක්‍රියාදාමයේදී පුළුවන් තරම් විශාල පිරිසකට ඇහුම්කන් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. නමුත් අපේ සැලසුම් මොනවාද කියල මේ මොහොතේ මට කියන්න අමාරුයි," යන්න ඒ ප්‍රශ්නයට ලොර්ගාට් ගේ ප්‍රතිචාරයයි.
ක්‍රීඩා පණතට නව සංශෝධන ඉදිරිපත් කිරීම, පළාත් සහ දිස්ත්‍රික්ක මට්ටමින් නව ක්‍රීඩාංගන ඉදිකිරීම ඇතුළු ක්‍රීඩාවේ දැවැන්ත පෙරලියක් සහ සංවර්ධනයක් සඳහා තමන් පියවර ගනිමින් සිටින බව ද අමාත්‍ය අලුත්ගමගේ අවධාරණය කරයි.
By:BBC

No comments:

Post a Comment