2012-08-31

ආසියානු ශූරතා දැල්පන්දු අවසන් මහ තරගයට ශ්‍රී ලංකාව-සිංගප්පූරුව

අද දිනන්නෝ 2014 පොදුරාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙලට


පුරා සතියකට ආසන්න කාලයක්‌ (අගෝ. 25-31) කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ පැවැති ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ අටවැනි දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සත්කාරක ශ්‍රී ලංකා සහ සංචාරක සිංගප්පූරු ජාතික කණ්‌ඩායම් ඊයේ සුදුසුකම් ලැබූ අතර, අදාළ අවසන් මහ තරගය අද (31 දා) ප.ව. 3.30 ට එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

2012-08-30

ආසියානු ශූරතා දැල් පන්දු ශ්‍රී ලංකාව අද තවත් පියවරක්‌ පෙරමුණට?


ආසියානු ශූරතා දැල් පන්දු තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කණ්‌ඩායම් 4 ක්‌ මේ වන විට තේරී පත්ව සිටිති.

හෙට (31 දා) පැවැත්වෙන අදාළ අවසන් මහ තරග අවස්‌ථාව උදාකර ගැනීම සඳහා 'ඒ' කාණ්‌ඩයෙන් ශ්‍රී ලංකාව සහ හොංකොංද, 'බී' කාණ්‌ඩයෙන් මලයාසියාව සහ සිංගප්පූරුවද සුදුසුකම් ලබා සිටින අතර අද පැවැත්වෙන ශ්‍රී ලංකා - මලයාසියා සහ සිංගප්පූරු - හොංකොං තරග දෙකෙහි ශූරියෝ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබති.
ආසියානු ශූරතා දැල්පන්දු වත්මන් ශූරියන් වන ශ්‍රී ලංකාව මෙවරද සාර්ථක ප්‍රතිඵල සනිටුහන් කරමින් අපරාජිතව ඉදිරියට පැමිණ සිටින අතර, කණ්‌ඩායම එම ගමනෙහි දී හොංකොං කණ්‌ඩායම ලකුණු 81-38 වශයෙන්ද, නේපාලය 127-3 වශයෙන්ද සහ ජපානය 110-8 වශයෙන්ද පරාජය කිරීමට සමත් විය.

2012-08-29

වයඹ United පරදා ඌව Next අවසන් තරගයට.

SLPL Semifinal 1
 SLPL පළමු අවසන් පූර්ව තරගයේදී වයඹ United පරදා ඌව Next අවසන් තරගයට පැමිණීමට සමත් වී ඇත.
 Jacob Oram backed his explosive innings with a three-wicket haul to put Uva ahead in the 1st semi-final against Wayamba in Colombo
Score Board.
Sri Lanka Premier League - 1st semi final
Uva Next won by 20 runs

ශ්‍රී ලංකාව ලකුණු 110-08 කින් ජපානය පරාජය කරයි

 
කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී දැන් ක්‍රියාත්මක 08 වැනි ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ සිව්වැනි දිනය වූ ඊයේ (28 දා) ශ්‍රී ලංකා දැල්පන්දු කණ්‌ඩායම සිය සිව්වැනි ජයද වාර්තා කිරීමට සමත්විය.

ජපානයට එරෙහිව පැවැති අදාළ තරගයේදී ලකුණු 110 ට-08 ක්‌ වශයෙන් අතිවිශිෂ්ඨ ජයක්‌ වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. මෙම තරගයද ඇතුලුව මීට පෙර හොංකොං, ඉන්දියාව සහ නේපාලය යන රටවල් පරාජය කිරීමට සමත්වීම මත ශ්‍රී ලංකා කණ්‌ඩායම මේ වන විටත් තරගාවලියේ අපරාජිතව පසුවේ. ශ්‍රී ලංකාව සහ ජපානය අතර තරගයේ අවස්‌ථාක්‌ මෙහි දැක්‌වේ.

ලන්ඩන් පැරාලිම්පික්‌ සමාරම්භක උළෙල අද

පදක්‌කම් සටනට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4200 ක්‌
ශ්‍රී ලංකාවෙන් 7දෙනෙක්‌
සුසිල් ප්‍රේමලාල් එංගලන්තයේ ලන්ඩන් නුවර සිට


2012 ලන්ඩන් පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල අද (29 දා) රාත්‍රියේ එංගලන්තයේ ලන්ඩන් නුවරදී උත්සවශ්‍රීයෙන් (ලන්ඩන් ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලේ සමාරම්භය මෙන්) ආරම්භ කිරීමට දැන් සියලු විධි විධාන යොදා ඇත.
ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලක්‌ අවසන් වී දෙසතියකට පසු පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල පැවැත්වීම පැරාලිම්පික්‌ ක්‍රීඩා සම්ප්‍රාදාය වේ.
ලන්ඩන් ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලට පසු 2012 වසරේ එංගලන්තයේ පැවැත්වෙන විශාලතම ක්‍රීඩා උළෙල මෙය වන අතර, මෙය සංවිධානය කිරීම සහ ආගන්තුක සත්කාර සඳහා අති විශාල මුදලක්‌ වැය කිරීමට එංගලන්ත රජය පියවර ගෙන ඇත.
පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල එංගලන්තයේ සංවිධානය කරනු ලබන දෙවැනි අවස්‌ථාව මෙය වේ. මීටර පෙර 1984 වසරේදී එංගලනත්ය ප්‍රථම වරට පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙලක්‌ සංවිධානය කර ඇත. මෙවර පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල 15 වැනි ක්‍රීඩා උළෙල වේ.

2012-08-28

"අපි ගැන බලාපොරොත්තු තබා ගන්න·" - සුසිල් ප්‍රේමලාල් ලන්ඩන් නුවර සිට


හෙට (29 දා) ආරම්භ කෙරෙන ලන්ඩන් පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩිකාව ඇතුළු ක්‍රීඩකයන් 6 දෙනාම ලෝක පරිසාධනයේ ඉහළින්ම සිටින හෙයින් ශ්‍රී ලංකාවට බලාපොරොත්තු රැසක්‌ තබාගත හැකි බව ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායක ලාල් පුෂ්පකුමාර පවසයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සැරයන්වරයකු වන ලාල් පුෂ්පකුමාර පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙලක්‌ නියෝජනය කරන දෙවැනි අවස්‌ථාව මෙය වන අතර, 2008 බෙයිජිං පැරලිම්පික්‌ ක්‍රීඩා උළෙල ඔහුගේ ප්‍රථම ඔලිම්පික්‌ නියෝජනය වේ.
ලන්ඩන් පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල ඉලක්‌ක කොට ගෙන දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකා පුහුණු සංචිතයට විධිමත් පුහුණුවක්‌ හිමිවූ බවත් ඊට අමතරව ජාත්‍යන්තර තරගාවලි රැසකට සහභාගි වූ පුහුණු අත්දැකීම් සමූහයක්‌ ලැබූ බවත් "දිවයින"ට පැවසූ ලාල් පුෂ්පකුමාර මෙවර ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ගෞරවයක්‌ දිනා දීම තම කණ්‌ඩායමේ සැමගේ ප්‍රධාන අරමුණ බවත් පැවසීය.
කෑ/වර/ මයින්නෙළුව මහ විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ලාල් පුෂ්පකුමාර උස පැනීමේ ඉසව්වට සහභාගි වේ.
උතුරේ කුරිරු යුද්ධයේදී එක්‌ පාදයක්‌ දණහිසින් පහළ අහිමි වී ඇති ඔහු ඔ 46 ඉසව්ව යටතේ මේ වන විට දක්‌වා ඇති උපරිම දක්‍ෂතාව මීටර් 1.85 කි.
ලාල් පුෂ්පකුමාර මෙවර ක්‍රීඩා උළෙලේදී එක්‌ ඉසව්වකට පමණක්‌ සහභාගි වන අතර, එම ඉසව්ව ලබන සැප්තැම්බර් 8 දා ක්‍රියාත්මක කෙරේ.

ආසියානු වාර්තාවක්‌ ද පිහිටුවමින් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක්‌ වාර්තා කරයි

කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ දැන් ක්‍රියාත්මක 8 වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ තෙවැනි දිනය වූ ඊයේ නේපාලය පරාජයට පත්කරමින් වාර්තාගත තරග ජයග්‍රහණයක්‌ වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.
අදාළ තරගයේ අවසාන ලකුණු තත්ත්වය 127-3ක්‌ ලෙසින් සටහන් වූ අතර මෙය ආසියානු දැල්පන්දු තරගාවලියක කණ්‌ඩායමක්‌ වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා අතරට එක්‌වනු ඇත.
ඒ සමග තරගාවලියේ අපරාජිත තෙවැනි ජයග්‍රහණයත් වාර්තා කළ ශ්‍රී ලංකාව කතිර ක්‍රමයට පැවැත්වෙන අවසන් පූර්ව තරගය සඳහා මෙම ජයග්‍රහණයත් සමග පැහැදිළිවම සුදුසුකම් සපුරන ලදී.

2012-08-27

SLPL Points Table


Teams Mat  Won  Lost  Tied  N/R  Pts   Net RR
Wayamba U 6 5 1 0 0 10 +1.371
K Warriors 6 3 2 0 1 7 +0.420
Uva Next 5 3 1 0 1 7 +0.208
Nagenahira 5 3 2 0 0 6 -0.534
Ruhuna Ryls 6 2 4 0 0 4 -0.143
Uthura 6 2 4 0 0 4 -0.527
Basnahira CD 6 1 5 0 0 2 -0.885

ශ්‍රී ලංකාව ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අපරාජිතව ඉදිරියටම


කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පෙරේදා (25 දා) ඇරඹි 8 වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අඛණ්‌ඩ දෙවැනි ජයග්‍රහණය වාර්තා කරමින් ලකුණු 85-29 ක්‌ ලෙස ඉන්දියාව පරාජයට පත්කිරීමට සත්කාරක ශ්‍රී ලංකාව ඊයේ සමත්විය.

තරගාවලියේ සමාරම්භක තරගය ලෙසින් පෙරේදා පැවැති ශ්‍රී ලංකාව සහ හොංකොං අතර තරගයේදී ලකුණු 81-38 ක ජයක්‌ ලැබූ ශ්‍රී ලංකාව ඊයේ ලැබූ පහසු ජයත් සමග පළමු වටයේදී අභියෝගයකින් තොරව ඉදිරියට යන අයුරක්‌ දිස්‌වේ.

ඊයේ තරගයේදී ශ්‍රී ලංකා නායිකා තර්ජනී සිවලිංගම් ඇයට ලැබුණු පන්දු විදීමේ අවස්‌ථා 55න් 53ක්‌ සාර්ථක කරගනිමින් ලොව උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස ඇගේ දායකත්වය ඉහළින්ම ලබාදීමට සමත් වූවාය. ජායාරූපයේ දැක්‌වෙන්නේ ඇය ලකුණක්‌ ලබාගත් අවස්‌ථාවකි

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පූර්ණ සංශෝධනයට කැඳවූ ශ්‍රී ලංකාවේදී හරූන් ලෝගාට්‌ගේ වටිනාකම දවසට රු.ලක්‍ෂ 6යි



ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරිපාලනයේ පූර්ණ ව්‍යහය සංශෝධනය කිරීම වෙනුවෙන් පත්කරන ලද දකුණු අප්‍රිකානු ජාතික හරූන් ලෝගාට්‌ මහතාට වේතන වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ 135 කට වැඩි මුදලක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් ලබාදෙනු ලබන බව සඳහන්වේ.

ජගත් ක්‍රිකට්‌ කවුන්සිලයේ හිටපු ප්‍රධාන විධායකවරයා මෙන්ම වෘත්තීයෙන් ගණකාධිකාරිවරයෙකු වන ලෝගාට්‌ මහතාට අදාළ වේතනය ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් ලබා දෙනු ලබන්නේ දින 25 ක කාලයක්‌ ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට සිය සේවය ලබාදෙන නිසාවෙනි. මේ අනුව බලන විට ලෝගාට්‌ මහතාට දිනකට ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ 6 කට ආසන්න මුදලක්‌ වේතන වශයෙන් ලබා දෙනු ඇත.

2012-08-26

ක්‍රීඩා සංගම්වල පදවි දැරීම දේශපාලකයන්ට තහනම් කරනවා - ක්‍රීඩා ඇමති


Sri Lanka Sports Minister Mahindananda Aluthgamageක්‍රීඩා සංගම්වල නිලතල දැරීම ලබන වසරේ සිට දේශපාලකයන්ට තහනම් කරන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

මෙවැනි තහනමක් පිළිබඳව ඇමතිවරයා මීට කලින් ද ප්‍රතිඥා දුන් නමුත් පාපන්දු සංගමයේ සභාපති පදවිය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරට යලිත් වරක් තරඟයට ඉදිරිපත් වීම සඳහා ඇමතිවරයා අනුමැතිය ලබා දුන්නේ එම පොරොන්දුව දීමෙන් අනතුරුවයි.

ඉන්දීය ක‍්‍රීඩකයෝ යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් ශූරතාව දිනති


ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය යොවුන් ක‍්‍රීඩකයෝ සමත් වූහ. අද (26) පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය පිල සත්කාර  ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 6 කින් පරාජය කළේය.

ආම්ස්ට්‍රෝංගේ ප‍්‍රංශ සවාරි ශූරතා හතම අහිමි කරයි


  

ප‍්‍රංශපාපැදි සවාරිය හත් වතාවක් ජයගත් ඇමරිකානු පාපැදි කී‍්‍රඩක ලාන්ස් ආම්ස්ට්‍රෝංගේ ශූරතා හතම ඔහුට අහිමි කිරීමට එක්සත් ජනපද මත්දාව්‍ය විරෝධී ඒජන්සිය සිකුරාදා පියවර ගත්තේය. එහෙත් ආම්ස්ට්‍රෝංගේ නීතිඥවරුන් පවසන්නේ එවන් තීරණයක් ගැනීමට එක්සත් ජනපද මත්දාව්‍ය විරෝධී ඒජන්සියට බලයක් නැති බවත් එහි අවසන් තීරණය පවතින්නේ ස්විට්සර්ලන්තයේ මුලස්ථානය පිහිටි කී‍්‍රඩා පිළිබඳ යුක්තිය පසිඳලීමේ අධිකරණය සහ ප‍්‍රංශ සවාරියේ සංවිධායකයන් සතුව බවත්ය.
එක්සත් ජනපද මත්දාව්‍ය විරෝධී ඒජන්සිය විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කරනු ලැබ ඇති තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනා පිළිබඳව තවදුරටත් කි‍්‍රයා නොකරන බව ලාන්ස් ආම්ස්ට්‍රෝං පසුගියදා පැවසීය.

SLPL Points Table


Teams M W L NR Points NRR
Wayamba United 5 4 1 - 8 +1.506
Kandurata Warriors
6 3 2 1 7 +0.420
Uva Next 5 3 1 1 7 +0.208
Nagenahira Nagas 4 3 1 - 6 -0.471
Ruhuna Royals 5 2 3 - 4 -0.020
Uthura Rudras 5 1 4 - 2 -0.809
Basnahira Cricket Dundee 6 1 5 - 2 -0.885

2012-08-25

SLPL Latest Points Table



ආසියානු නෙට්බෝල් ශූරතාවලිය - 2012,ශ්‍රී ලංකා-හොංකොං තරගය අදයි





කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වන ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකාව හා හොංකොං අතර තරගය පෙරවරු 11.30 ට පැවැත්වේ.
ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන ආසියානු නෙට්බෝල් ශූරතාවලියට රටවල් 10ක් එක්වෙති. ශ්‍රී ලංකාව හා හොංකොං අතර තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉදිරියෙන් සිටිති.
එහෙත් හොංකොං කණ්ඩායම විදේශීය ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු වෘත්තීය මට්ටමෙන් එක්කර ගැනීමට කටයුතු කර ඇති හෙයින් ශ්‍රී ලංකාවට තර්ජනාත්මක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරනු ඇතැයි පුහුණුකාරිනී හයසින්ත් විජේසිංහ මහත්මිය පැවසුවාය. “අපි මාස දෙකක් ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පුහුණු වුණා. ඒක මේ තරගාවලිය ජය ගැනීමට ප්‍රධානතම සාධකයක් වේවි” නායිකා ලංකාතිලක පැවසුවාය.
සිංගප්පූරුව - මලයාසියාව
අද පැවැත්වෙන තරග අතුරින් වඩාත් උණුසුම් තරගය වන්නේ සිංගප්පූරුව හා මලයාසියාව අතර තරගයයි. ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා ගැනීමේ බලාපොරොත්තු පළ කරමින් මේ කණ්ඩායම් දෙකම මෙවර ඉදිරිපත් වීම මෙයට හේතු වී තිබේ. මලයාසියාව හා සිංගප්පූරුව මෙයට පෙර ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගෙන තිබේ.
අද තරග
11.30 ට ශ්‍රී ලංකාව - හොංකොං
1.15 ට සිංගප්පූරුව - මලයාසියාව
3.00 ට ඉන්දියාව - ජපානය
4.45 ට මාලදිවයින - බෲනායි

හෙට තරග
11.00 ට සිංගප්පූරුව - මාලදිවයින
12.45 ට ශ්‍රී ලංකාව - ඉන්දියාව
2.30 ට නේපාලය - ජපානය
4.15 ට පාකිස්තානය - බෲනායි

තියුණු තරඟයකින් පසු කදුරට වොරියස් පිලට ලකුණු 02ක ජයක්


එස්.එල්.පී.එල් 16 වැනි තරඟය ලෙස මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඩ් පිල සහ සනත් ජයසූරියගේ කදුරට වොරියස් පිල අතර පැවති තරඟයෙන් ලකුණු 02ක ජයක් කදුරට වොරියස් පිලට අත් විය.
කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් කදුරට වොරියස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි කඩුලු 08 ක් දැවි ලකුණු 149 ලබාගත්තේය.
එයට පිලිතුරු ලෙස පිටියට පැමිණි වයඹ යුනයිටඩ් පිලට පන්දුවාර 20 අවසානයේදි ලබා ගැනිමට හැකිවුයේ ලකුණු 147ක් පමණි.
තරඟයේ වීරයා ක‍්‍රිස් ලින්.
වයඹ පිලේ නායක මහේල ජයවර්ධන අද තරගයට සහභාගි නොවු අතර පාකිස්තානු පිලේ මොහොමඩ් හෆීස් වයඹ පිල මෙහෙයවන ලදි.

කදුරට වොරියස් පිල  ඕවර 20 ලකුණු 149/8 - ක‍්‍රිස් ලින් 80 , ජීවන්ත කුලතංග 23 , කෞෂාල් ලොකුආරච්චි 11 , මොහොමඩ් හෆීෂ් 14/2, ඉසුරු උදාන 35/2, අබ්දුල් රසාක් 20/2

වයඹ යුනයිටඩ් පිල ඕවර 20 ලකුණු 147/6 - මොහොමඞ් හෆීෂ් 34 , අබ්දුල් රසාක් නොදැවි 36 , කෞෂාල් ලොකුආරච්චි 15/3 , සොහෙල් තන්වීර් 41/1

2012-08-24

ප‍්‍රංශ සවාරි ශූරතා හතම ආම්ස්ට්‍රෝංට අහිමි වීමේ අවදානමක්


ප‍්‍රංශ සවාරිය හත් වතාවක් ජයගත් ලාන්ස් ආම්ස්ටෝන්ට එරෙහිව, ඇමරිකානු මත්දාව්‍ය විරෝධී ආයතනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති චෝදනා පිළිබඳව තවදුරටත් කි‍්‍රයා නොකරන බව ලාන්ස් ආම්ස්ට්‍රෝං පෙරේදා (23 වැනිදා) පැවසීය. මෙම තත්ත්වය නිසා ලාන්ස් ආම්ස්ට්‍රෝංගේ ප‍්‍රංශ සවාරි ශූරතා හතම ඔහුට අහිමි වී යාමේ අවදානමක් තිබේ.
පිළිකාවකින් සුවය ලබමින්, පාපැදි තරග සඳහා ඉදිරිපත් වූ ආම්ස්ටෝන් සිය වෙබ් අඩවියේ සටහන් කර තිබුණේ ඔහුට විරුද්දව ඇති චෝදනාව පිළිබඳ පිළිතුරු බැදීමට බ‍්‍රහස්පතින්දා මධ්‍යම රාත‍්‍රිය වන තුරු අවස්ථාව තිබුණ බවයි.
”සෑම මිනිසෙකුටම ජීවිතයේ එක අවස්ථාවකදී හොඳටම එපා වෙන තත්ත්වයට පත්වෙනවා. මා හිතන්නේ මා දැන් පැමිණ සිටින්නේ එම අවස්ථාවටයි.” යයි ආම්ස්ට්‍රෝංගේ වෙබ් අඩවියේ සටහන් කර තිබිණ.


අංක 1 වයඹ සහ අංක 4 කඳුරට ගැටුමේ වැඩි වාසි වයඹට?


ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20-20 ක්‍රිකට්‌ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින වයඹ කණ්‌ඩායම සහ එම ලැයිස්‌තුවේ සිව්වැනි ස්‌ථානයේ සිටින කඳුරට කණ්‌ඩායම අතර තරගය අද (24 දා) ප.ව. 8.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මහේල ජයවර්ධන නායකත්වය දරන වයඹ කණ්‌ඩායම තරග හතරකදී අපරාජිතව ප්‍රසාද ලකුණු අටක්‌ හිමිකර ගෙන ඇති අතර සනත් ජයසූරිය නායකත්වය දරණ කඳුරට කණ්‌ඩායම තරග 4 කදී ජයග්‍රහණ දෙකක්‌ සමග ප්‍රසාද ලකුණු හතරක්‌ ලබා සිටියි.

එස්‌.එල්.පී.එල්. තරගාවලියේ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට වයඹ කණ්‌ඩායමේ කමරන් අක්‌මාල් සමත්ව සිටින අතර ඔහු තරග හතරකදී අර්ධ ශතක දෙකක්‌ සමග ලකුණු 191 ක්‌ ලබා තිබේ. එම ලැයිස්‌තුවේ දෙවැනි ස්‌ථානය බස්‌නාහිර කණ්‌ඩායම් නායක තිලකරත්න ඩිල්ෂාන්ට හිමිව ඇති අතර ඔහු තරග පහකදී අර්ධ ශතක දෙකක්‌ සමග ලකුණු 180 ක්‌ ලබා ඇත.

යොවුන් ක්‍රිකට්‌ ලෝක කුසලාන අවසන් මහා සටනට ඉන්දියාව සහ ඔස්‌ටේ්‍රලියාව

වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන 2012 අවසන් මහා තරග අවස්‌ථාව උදා කර ගැනීමට ඊයේ (23 දා) ඉන්දියානු යොවුන් කණ්‌ඩායම සමත් විය.

නවසීලන්ත කණ්‌ඩායම පරදා ලකුණු 9 ක තියුණු ජයක්‌ ලබාගත් ඉන්දියානු කණ්‌ඩායම අනිද්දා (26 දා) ඔස්‌ටේ්‍රලියාව සමග අවසන් මහා තරගයට සහභාගි වීමට නියමිතය.

පළමුව පිති ප්‍රහාරය දියත් කළ ඉන්දියානු යොවුන් කණ්‌ඩායම ලබාගත් ලකුණු 209 ට පිළිතුරු ඉනිම සැපයූ නවසීලන්ත යොවුන් කණ්‌ඩායම නියමිත පන්දුවාර 59 අවසනදී කඩුලු 9 ක්‌ දැවී ලකුණු 200 ක්‌ ලබා ගත්යේ.

ඉන්දියානු කණ්‌ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රසාද් චොප්රා (52) අර්ධ ශතකයක්‌ වාර්තා කළ අතර පන්දු යෑවීමේදී සන්දීප්, රවීකන්ඩ් සහ හාර්මීඩ් කඩුලු දෙක බැගින් බිඳ හෙලූහ.

ලකුණු තත්ත්වය

ඉන්දියාව පන්දුවාර 50 කදී සියල්ල දැවී ලකුණු 209 යි. (ප්‍රසාද් චොප්රා 52, අහමුකට්‌ චාන් 31, බාබා අපරජිත් 44, හනුමා චිහාරි 22, බෙන් හොනී 28/3, මැතිව් ක්‌වීන් 36/2 යි.

නවසීලන්තය පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 200 යි. (යෝයි කාටර් 30, රොබට්‌ ඩොනල් 29, කම් µsලචර් 53, ජැකොබ් ඩµS නොදැවී 21, සන්දීප් ෂර්මා 36/2, රවීකන්ඩ් සින්ග් 49/2, හාර්මීඩ් සිංග් 30/2 යි.)

20-20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

යොවුන් ක්‍රීඩක අකිල ධනංජය සහ
ඩිල්ෂාන් මුණවීර ශ්‍රී ලංකා සංචිතයට 


 
ඩිල්ෂාන් මුණවීර            අකිල ධනංජය
ලබන මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට යොවුන් ක්‍රීඩකයන් වන අකිල ධනංජය සහ ඩිල්ෂාන් මුණවීර නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

දැන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20-20 ක්‍රිකට්‌ තරගාවලියේදී පන්දු යවන්නකු ලෙස දැක්‌වූ විශිෂ්ඨ දක්‍ෂතා හේතුවෙන් අකිල ධනංජය ශ්‍රී ලංකා සංචිතයට එක්‌ කර තිබේ. දකුණතින් පිට දඟ පන්දු යවන අකිල එස්‌.එල්.පී.එල්. තරගාවලියේ තරග හතරකදී කඩුලු 7 ක්‌ දවා ගෙන ඇති අතර එහිදී පන්දුවාරයකට ලබා දී ඇති දළ ලකුණු ප්‍රමාණය 4.81 ක්‌ ලෙස සටහන් වේ.

ශ්‍රී ලංකා ජාතික සංචිතයකට වරම් ලැබූ 18 හැවිරිදි අකිල ධනංජය පානදුර මහානාම විදුහලේ ඉගෙනුම ලබන අතර මෑත භාගයේදී ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට අඩුම වයසකදී එක්‌වූ ක්‍රීඩකයා වන්නේද මොහුය. එස්‌.එල්.පී.එල්. තරගාවලියේදී වයඹ කණ්‌ඩායම නියෝජනය කරන අකිල පිළිබඳව පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක මහේල ජයවර්ධන පවසා සිටියේ ඔහු අනාගතයේදී දක්‍ෂ ක්‍රීඩකයකු වන බවයි.

මීට අමතරව ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට පළමු වරට එක්‌වූ ඩිල්ෂාන් මුණවීර ආරම්භක පිතිකරුවකු වන අතර ඔහු ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙස නම් දරා සිටියි. පළමු පෙළ 20-20 තරග 15 කට ක්‍රීඩා කර ඇති ඩිල්ෂාන් මුණවීර අර්ධ ශතක දෙකක්‌ සමග ලකුණු 349 ක්‌ ලබා ඇති අතර එහි ප්‍රහාරාත්මක වේගය 122.88 ක්‌ ලෙස සටහන් වේ. මෙවර එස්‌.එල්.පී.එල්. තරගාවලියේදී ඌව කණ්‌ඩායම නියෝජනය කරමින් තරග හතරකදී ලකුණු 100 ක්‌ ලබා ගැනීමට 23 හැවිරිදි ඩිල්ෂාන් මුණවීර සමත්ව තිබේ.

තුනටිය ආශ්‍රිතව ආබාදයක්‌ හේතුවෙන් ඉකුත් ජනවාරි මස සිට ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත්ව සිටි අජන්ත මෙන්ඩිස්‌ නම් කරන ලද ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව ඇත. මීට අමතරව ෂමින්ද එරංග සහ ආබාධය සුව වීමෙන් පසු නුවන් කුලසේකරද ශ්‍රී ලංකා සංචිතයට එක්‌ව තිබේ.

20-20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය

මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස්‌ (උප නායක), කුමාර් සංගක්‌කාර, තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්‌, ඩිල්ෂාන් මුණවීර, තිසර පෙරේරා, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්‌, දිනේෂ් චන්දිමාල්, ෂමින්ද එරංග, අකිල ධනංජය

2012-08-23

20-20 ලෝක කුසලාන ක්‍රිකට්‌ ප්‍රවේශ පත්‍ර විකිණීම බෝතල් - පත්තර ක්‍රමයට ස්‌ථාපිත ක්‍රමවේදය පඹ ගාලක

 
පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේදී නීත්‍යානුකූල ක්‍රමවේදයට පරිබාහිරව යමින් අසාධාරණ ලෙස එම කටයුත්තේ නිරත වන බවට දැන් පන්දුවාර 20-20 ලෝක කුසලාන ශ්‍රී ලංකා කාර්යාලයට දැන් චෝදනා එල්ල වේ.

ලබන සැප්තැම්බර් මස 18 වැනිදා සිට ඔක්‌තෝබර් 07 වැනිදා දක්‌වා පැවැත්වෙන අදාළ පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අළෙවිය ඉකුත් පෙබරවාරි මසදී ආරම්භ කෙරුණි. ඒ අනුව ක්‍රීඩා ලෝලීන්ට තමන් මිලදී ගැනීමට බලාපොරොත්තු වන ප්‍රේක්‍ෂකාගාරයේ ප්‍රවේශපත්‍ර කළින්ම වෙන්කර ගැනීමට ජගත් ක්‍රිකට්‌ කවුන්සිලය අවස්‌ථාව සලසා දී තිබූ අතර අදාළ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම මෙම අගෝස්‌තු මාසයේ සිට සිදු කිරීමට නියමිතව තිබිණි.

2012-08-22

සියැට් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උලෙළ එන මස


අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සුවිශේෂී දස්කම් දක්වමින් මව්බිමට කීර්තියක් අත්කර දුන් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ඇස නොගැටුණු එහෙත් ක්‍රීඩා සමාජ මට්ටමින් දස්කම් දැක් වූ ක්‍රිකට් ක්‍රීඩකයින් අගයනු වස් සියැට් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව සංවිධානය කරන සියැට් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උලෙළ ලබන මසදී පැවැත්වීමට සැලසුම් කර ඇත

සියැට් කැලණිය හෝල්ඩින්ස් හි වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරි ආර්.රාමන් මහතා විසින් සියැට් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මානයක අනුරුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති කේ.මතිවානන් මහතා වෙත පිරිනමමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි අජිත් ජයසේකර, සියැට් කැලණි හෝල්ඩින්ස් හි උප සභාපති – විකුණුම් හා අලෙවි රවී ඩඩ්ලානි, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික ජීවන් මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග යන මහත්වරු ද මෙහි වෙති.

SLPL Points table

Teams  Mat  Won  Lost  Tied  N/R  Pts   Net RR
Wayamba U 4 4 0 0 0 8 +1.909
Uva Next 4 3 1 0 0 6 +0.208
Nagenahira 4 3 1 0 0 6 -0.471
K Warriors 4 2 2 0 0 4 +0.513
Ruhuna Ryls 4 1 3 0 0 2 -0.382
Basnahira CD 5 1 4 0 0 2 -0.788
Uthura 5 1 4 0 0 2 -0.809

දකුණු ආසියානු පාපන්දු කාන්තා තරගාවලිය සැප්. 7 සිට 16 දක්‌වා කොළඹදී


ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 2 වැනි දකුණු ආසියානු පාපන්දු කාන්තා තරගාවලිය සඳහා යොදා ගැනීමට නියමිත නිල පාපන්දුව දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ ලේකම් අල්බෙර්ටෝ කොලකෝ මහතා විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කාන්තා පාපන්දු ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ඔලිවියා ගමගේ මහත්මියට බාර දුන් අවස්‌ථාව.
ඡායාරූපය - කමල් වන්නිආරච්චි

2012 දකුණු ආසියානු පාපන්දු සංගම් කුසලාන කාන්තා තරගාවලිය ලබන සැප්තැම්බර් 7 සිට 16 දක්‌වා කොළඹ සී. ආර්. ඇන්ඩ් එµa. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

දකුණු ආසියානු පාපන්දු ශූරතා කාන්තා තරගාවලියක්‌ ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රථම අවස්‌ථාව මෙය වන අතර මෙහි ප්‍රථම තරගාවලිය ඉකුත් 2010 වසරේදී ඉන්දියාවේදී පැවැත්විණි.

අදාළ තරගාවලිය සඳහා දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල් (ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්‌තානය, බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය සහ ඇµaගනිස්‌තානය ) සහභාගිත්වය ස්‌ථිර කොට ඇත.

2012-08-21

SLPL- Points Table

Teams  Mat  Won  Lost  Tied  N/R   Pts  Net RR
Wayamba U 4 4 0 0 0 8 +1.909
Nagenahira 4 3 1 0 0 6 -0.471
K Warriors 4 2 2 0 0 4 +0.513
Uva Next 3 2 1 0 0 4 +0.034
Ruhuna Ryls 3 1 2 0 0 2 -0.250
Basnahira CD 4 1 3 0 0 2 -0.847
Uthura 4 0 4 0 0 0 -1.191

2012-08-20

SLPL Point Table

Teams  Mat   Won  Lost  Tied  N/R  Pts   Net RR
Wayamba U 3 3 0 0 0 6 +1.609
Nagenahira 3 3 0 0 0 6 +0.433
Uva Next 3 2 1 0 0 4 +0.034
Ruhuna Ryls 2 1 1 0 0 2 +1.071
K Warriors 3 1 2 0 0 2 -0.144
Basnahira CD 4 1 3 0 0 2 -0.847
Uthura 4 0 4 0 0 0 -1.191

2012-08-16

SLPL Time Table

The tournament schedule

 Match No   Date   Team   Team   Time   Venue 
 1  Saturday, August 11, 2012  Basnahira  Kandurata  16.00  Premadasa
 2  Saturday, August 11, 2012  Nagenahira  Ruhuna  20.00  Premadasa
 3  Sunday, August 12, 2012  Uthura  Wayamba  16.00  Premadasa
 4  Sunday, August 12, 2012  Uva  Basnahira  20.00  Premadasa
 5  Monday, August 13, 2012  Kandurata  Nagenahira  20.00  Premadasa
 6  Tuesday, August 14, 2012  Ruhuna  Uthura  20.00  Premadasa
 -  Wednesday, August 15, 2012  — REST DAY —
 -  Thursday, August 16, 2012  — REST DAY —
 7  Friday, August 17, 2012  Wayamba  Uva  20.00  Pallekele
 8  Saturday, August 18, 2012  Basnahira  Nagenahira  16.00  Pallekele
 9  Saturday, August 18, 2012  Kandurata  Ruhuna  20.00  Pallekele
 10  Sunday, August 19, 2012  Uthura  Uva  16.00  Pallekele
 11  Sunday, August 19, 2012  Wayamba  Basnahira  20.00  Pallekele
 12  Monday, August 20, 2012  Kandurata  Uthura  16.00  Pallekele
 13  Monday, August 20, 2012  Nagenahira  Wayamba  20.00  Pallekele
 14  Tuesday, August 21, 2012  Ruhuna  Uva  16.00  Pallekele
 15  Tuesday, August 21, 2012  Uthura  Basnahira  20.00  Pallekele
 -  Wednesday, August 22, 2012  — REST DAY —
 -  Thursday, August 23, 2012  — REST DAY —
 16  Friday, August 24, 2012  Wayamba  Kandurata  16.00  Premadasa
 17  Friday, August 24, 2012  Uva  Nagenahira  20.00  Premadasa
 18  Saturday, August 25, 2012  Basnahira  Ruhuna  16.00  Premadasa
 19  Saturday, August 25, 2012  Kandurata  Uva  20.00  Premadasa
 20  Sunday, August 26, 2012  Nagenahira  Uthura  16.00  Premadasa
 21  Sunday, August 26, 2012  Ruhuna  Wayamba  20.00  Premadasa
 -  Monday, August 27, 2012  — REST DAY —
 22  Tuesday, August 28, 2012 SEMI FINAL 1  20.00  Premadasa
 23  Wednesday, August 29, 2012 SEMI FINAL 2  20.00  Premadasa
 -  Thursday, August 30, 2012  — REST DAY —
 24  Friday, August 31, 2012 FINALS  20.00  Premadasa