පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේදී නීත්‍යානුකූල ක්‍රමවේදයට පරිබාහිරව යමින් අසාධාරණ ලෙස එම කටයුත්තේ නිරත වන බවට දැන් පන්දුවාර 20-20 ලෝක කුසලාන ශ්‍රී ලංකා කාර්යාලයට දැන් චෝදනා එල්ල වේ.
ලබන සැප්තැම්බර් මස 18 වැනිදා සිට ඔක්‌තෝබර් 07 වැනිදා දක්‌වා පැවැත්වෙන අදාළ පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අළෙවිය ඉකුත් පෙබරවාරි මසදී ආරම්භ කෙරුණි. ඒ අනුව ක්‍රීඩා ලෝලීන්ට තමන් මිලදී ගැනීමට බලාපොරොත්තු වන ප්‍රේක්‍ෂකාගාරයේ ප්‍රවේශපත්‍ර කළින්ම වෙන්කර ගැනීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය අවස්‌ථාව සලසා දී තිබූ අතර අදාළ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම මෙම අගෝස්‌තු මාසයේ සිට සිදු කිරීමට නියමිතව තිබිණි.
එහෙත් තමන්ට හිමි ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට යැමේදී ගෙවන මුදලට අදාළ ප්‍රේක්‍ෂකාගාරවල ආසන නොමැති බවත්, අවශ්‍ය නම් ඊට අඩු මුදලට තිබෙන ප්‍රවේශ පත්‍ර ලබාදිය හැකි බවත් ප්‍රවේශ පත්‍ර භාරව කටයුතු කරන පවසා ඇත. අවශ්‍ය නම් ගෙවන ලද මුදල ආපසු ලබාදිය හැකි බවද ප්‍රවේශ පත්‍ර කාර්යාලය පවසා ඇත.
පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර අළෙවිය අදියර 3 ක් යටතේ සිදු කෙරුණු අතර එහි තෙවැනි අදියර ඉකුත්දා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති චාම් උත්සවයකින් අනතුරුව ආරම්භ කෙරිණි. අදාළ උත්සවයේදී අදහස් දැක්‌වූ පන්දුවාර 20-20 ලෝක කුසලාන අධ්‍යක්‍ෂ උපේකා නෙල් මහත්මිය කළින් වෙන් කරන ලද ප්‍රවේශ පත්‍ර මෙම අගෝස්‌තු මාසයේදී ප්‍රේක්‍ෂකයන්ට ලබාගැනීමේ හැකියාව පවතින බව අවාධාරණය කළාය.
එමෙන්ම මේ සම්බන්ධ වෙළෙඳ දැන්වීම් ඔස්‌සේද ක්‍රීඩා ලෝලීන් දැනුවත් කරනු ලැබුවද, බහුතරයක් ක්‍රීඩා ලෝලීන්ට ලැබී ඇත්තේ ඉහතින් සඳහන් කරන ලද පිළිතුරුය.
මෙම ප්‍රවේශ පත්‍ර වෙන් කිරීමේදී මුදල් ගෙවීමෙන් පසු පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ නිල ලාංඡනයෙන් යුතු ලදුපතක් එම බලධාරීන් නිකුත් කර ඇති (මෙම ලදුපත් අන්තර්ජාලයෙන් ප්‍රවේශ පත්‍ර ඇනවුම් කිරීමේදීද නිකුත් කෙරෙනු ඇත-ඡායාරූපය බලන්න) නමුත් එම ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේදී එම ලදුපත වලංගු නොවන සේ ඉරකින් කපා නිකුත් නොකළා සේ සඳහන් කරමින් නැවත එම ලදුපත ලබාදීමට එය භාරව කටයුතු කරන ලද නිලධාරීන් පියවර ගෙන තිබේ.
ප්‍රවේශ පත්‍ර සඳහා මුදල් ගෙවීමෙන් පසු ප්‍රවේශ පත්‍ර එම ක්‍රීඩා ලෝලියා වෙත වෙන් කළ බවට ලබා දෙනු ලබන අදාළ ලදුපතෙහි එක් ස්‌ථානයක වැදගත් තොරතුරක් ලෙස සිංහල මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් 'ප්‍රවේශ පත්‍ර වෙන්කර ගැනීම පිළිබඳව ඔබට ස්‌තූතියි. ඔබට ප්‍රවේශ පත්‍ර වෙන්කර ඇති බව දැක්‌වෙන මෙම පත්‍රිකාව සුරක්‌ෂිතව තබාගන්න. තරග ප්‍රවේශපත්‍ර ඔබ වෙත ලබා ගැනීම සඳහා මෙම පත්‍රිකාව සහ ඔබේ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. ඔබ ප්‍රවේශපත්‍ර වෙන්කර ගත් ස්‌ථානයෙන්ම ඔබට හිමි ප්‍රවේශ පත්‍ර අගෝස්‌තු මාසය තුළදී ලබාගත හැකිය' වශයෙන් සඳහන් කර තිබේ.
එම ලදු පතේ එසේ සඳහන්ව තිබුණද ප්‍රේක්‍ෂකයන්ට හිමි ප්‍රවේශ පත්‍ර ඔවුන් ලබා නොදෙන්නේ මන්දැයි මේ වන විට ගැටලුවක් ව පවතියි.
By:Divaina
No comments:
Post a Comment