හෙට (31 දා) පැවැත්වෙන අදාළ අවසන් මහ තරග අවස්‌ථාව උදාකර ගැනීම සඳහා 'ඒ' කාණ්‌ඩයෙන් ශ්‍රී ලංකාව සහ හොංකොංද, 'බී' කාණ්‌ඩයෙන් මලයාසියාව සහ සිංගප්පූරුවද සුදුසුකම් ලබා සිටින අතර අද පැවැත්වෙන ශ්‍රී ලංකා - මලයාසියා සහ සිංගප්පූරු - හොංකොං තරග දෙකෙහි ශූරියෝ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබති.
ආසියානු ශූරතා දැල්පන්දු වත්මන් ශූරියන් වන ශ්‍රී ලංකාව මෙවරද සාර්ථක ප්‍රතිඵල සනිටුහන් කරමින් අපරාජිතව ඉදිරියට පැමිණ සිටින අතර, කණ්‌ඩායම එම ගමනෙහි දී හොංකොං කණ්‌ඩායම ලකුණු 81-38 වශයෙන්ද, නේපාලය 127-3 වශයෙන්ද සහ ජපානය 110-8 වශයෙන්ද පරාජය කිරීමට සමත් විය.
No comments:
Post a Comment