ශ්‍රී ලංකා යුද හමුදාවේ සැරයන්වරයකු වන ලාල් පුෂ්පකුමාර පැරාලිම්පික් ක්‍රීඩා උළෙලක් නියෝජනය කරන දෙවැනි අවස්‌ථාව මෙය වන අතර, 2008 බෙයිජිං පැරලිම්පික් ක්‍රීඩා උළෙල ඔහුගේ ප්‍රථම ඔලිම්පික් නියෝජනය වේ.
ලන්ඩන් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්‌ක කොට ගෙන දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකා පුහුණු සංචිතයට විධිමත් පුහුණුවක් හිමිවූ බවත් ඊට අමතරව ජාත්‍යන්තර තරගාවලි රැසකට සහභාගි වූ පුහුණු අත්දැකීම් සමූහයක් ලැබූ බවත් "දිවයින"ට පැවසූ ලාල් පුෂ්පකුමාර මෙවර ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ගෞරවයක් දිනා දීම තම කණ්‌ඩායමේ සැමගේ ප්‍රධාන අරමුණ බවත් පැවසීය.
කෑ/වර/ මයින්නෙළුව මහ විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ලාල් පුෂ්පකුමාර උස පැනීමේ ඉසව්වට සහභාගි වේ.
උතුරේ කුරිරු යුද්ධයේදී එක් පාදයක් දණහිසින් පහළ අහිමි වී ඇති ඔහු ඔ 46 ඉසව්ව යටතේ මේ වන විට දක්‌වා ඇති උපරිම දක්‍ෂතාව මීටර් 1.85 කි.
ලාල් පුෂ්පකුමාර මෙවර ක්‍රීඩා උළෙලේදී එක් ඉසව්වකට පමණක් සහභාගි වන අතර, එම ඉසව්ව ලබන සැප්තැම්බර් 8 දා ක්‍රියාත්මක කෙරේ.
මේ අතර මෙවර පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා දැන් ලන්ඩන් නුවරට පැමිණ සිටින මලල ක්‍රීඩා කණ්‌ඩායමේ ක්‍රීඩිකාව ඇතුළු ක්‍රීඩකයන් 5 දෙනා නියෝජනය කරන ඉසව් අතරින් පළමු 6 දෙනා අතරට සිව් දෙනකුම පැමිණෙතැයි තමන් විශ්වාස කරන බව කණ්‌ඩායමේ ප්‍රධානී බ්‍රිගේඩියර් රාජිත අම්පෙමොහොට්‌ටි සහ ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් රජීව වික්‍රමසිංහ "දිවයින"ට පැවසූහ.
මෙවර කණ්‌ඩායම ඉතාමත් දක්‍ෂ කණ්‌ඩායමක්. ඒ වගේම හොඳ මානසිකත්වයකින් තමයි ඔවුන් සියලු දෙනාම දැන් සිටින්නේ" යෑයි පැවසූ බ්‍රිගේඩියර්වරු දෙපළ ලෝක පරිසාධනය ඉක්‌මවූ ක්‍රීඩකයන් 15 දෙනා අතරින් ශ්‍රී ලංකාවට ලැබෙන ක්‍රීඩක සංඛ්‍යාව අනුව 7 දෙනකු පමණක් තරගාවලියට තෝරාගත් බව පැවසූහ.
No comments:
Post a Comment