2012-08-24

යොවුන් ක්‍රිකට්‌ ලෝක කුසලාන අවසන් මහා සටනට ඉන්දියාව සහ ඔස්‌ටේ්‍රලියාව

වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන 2012 අවසන් මහා තරග අවස්‌ථාව උදා කර ගැනීමට ඊයේ (23 දා) ඉන්දියානු යොවුන් කණ්‌ඩායම සමත් විය.

නවසීලන්ත කණ්‌ඩායම පරදා ලකුණු 9 ක තියුණු ජයක්‌ ලබාගත් ඉන්දියානු කණ්‌ඩායම අනිද්දා (26 දා) ඔස්‌ටේ්‍රලියාව සමග අවසන් මහා තරගයට සහභාගි වීමට නියමිතය.

පළමුව පිති ප්‍රහාරය දියත් කළ ඉන්දියානු යොවුන් කණ්‌ඩායම ලබාගත් ලකුණු 209 ට පිළිතුරු ඉනිම සැපයූ නවසීලන්ත යොවුන් කණ්‌ඩායම නියමිත පන්දුවාර 59 අවසනදී කඩුලු 9 ක්‌ දැවී ලකුණු 200 ක්‌ ලබා ගත්යේ.

ඉන්දියානු කණ්‌ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රසාද් චොප්රා (52) අර්ධ ශතකයක්‌ වාර්තා කළ අතර පන්දු යෑවීමේදී සන්දීප්, රවීකන්ඩ් සහ හාර්මීඩ් කඩුලු දෙක බැගින් බිඳ හෙලූහ.

ලකුණු තත්ත්වය

ඉන්දියාව පන්දුවාර 50 කදී සියල්ල දැවී ලකුණු 209 යි. (ප්‍රසාද් චොප්රා 52, අහමුකට්‌ චාන් 31, බාබා අපරජිත් 44, හනුමා චිහාරි 22, බෙන් හොනී 28/3, මැතිව් ක්‌වීන් 36/2 යි.

නවසීලන්තය පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 200 යි. (යෝයි කාටර් 30, රොබට්‌ ඩොනල් 29, කම් µsලචර් 53, ජැකොබ් ඩµS නොදැවී 21, සන්දීප් ෂර්මා 36/2, රවීකන්ඩ් සින්ග් 49/2, හාර්මීඩ් සිංග් 30/2 යි.)

No comments:

Post a Comment