2012-08-22

දකුණු ආසියානු පාපන්දු කාන්තා තරගාවලිය සැප්. 7 සිට 16 දක්‌වා කොළඹදී


ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 2 වැනි දකුණු ආසියානු පාපන්දු කාන්තා තරගාවලිය සඳහා යොදා ගැනීමට නියමිත නිල පාපන්දුව දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ ලේකම් අල්බෙර්ටෝ කොලකෝ මහතා විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කාන්තා පාපන්දු ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ඔලිවියා ගමගේ මහත්මියට බාර දුන් අවස්‌ථාව.
ඡායාරූපය - කමල් වන්නිආරච්චි

2012 දකුණු ආසියානු පාපන්දු සංගම් කුසලාන කාන්තා තරගාවලිය ලබන සැප්තැම්බර් 7 සිට 16 දක්‌වා කොළඹ සී. ආර්. ඇන්ඩ් එµa. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

දකුණු ආසියානු පාපන්දු ශූරතා කාන්තා තරගාවලියක්‌ ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රථම අවස්‌ථාව මෙය වන අතර මෙහි ප්‍රථම තරගාවලිය ඉකුත් 2010 වසරේදී ඉන්දියාවේදී පැවැත්විණි.

අදාළ තරගාවලිය සඳහා දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල් (ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්‌තානය, බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය සහ ඇµaගනිස්‌තානය ) සහභාගිත්වය ස්‌ථිර කොට ඇත.


ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් ලබන සැප් 7 දා, තරගාවලිය ආරම්භ කෙරෙන අතර, අවසන් තරගය ලබන සැප්. 16 දා පැවැත්වීමට නියමිතය.

අදාළ තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්‌ඩායම ඊයේ (21 දා) වනතුරු ප්‍රකාශයට පත් කොට නොතිබූ අතර ඉදිරි සතියේ දී ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කාන්තා පාපන්දු ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ඔලිවියා ගමගේ මහත්මිය පවසන්නීය.

ක්‍රීඩිකාවන් 46 දෙනකුගෙන් සමන්විත පුහුණු සංචිතයකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්‌ඩායම තෝරා ගැනීමට නියමිතය.


තරග සටහන

zඒZ කාණ්‌ඩය zබීZ කාණ්‌ඩය

ඉන්දියාව නේපාලය

බංග්ලාදේශය පකිස්‌තානය

ශ්‍රී ලංකාව මලයාසියාව

භූටානය ඇµaගනිස්‌ථානය

සැප්. 7 දා

ඉන්දියාව සහ බංග්ලාදේශය

ශ්‍රී ලංකාව සහ භූටානය

සැප.a 8 දා

නේපාලය සහ පකිස්‌තානය

මාලදිවයින සහ ඇµaගනිස්‌ථානය

සැප්. 9 දා

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව

බංග්ලාදේශය සහ භූටානය

සැප්. 10 දා

නේපාලය සහ මාලදිවයින

පකිස්‌තානය සහ ඇµaගනිස්‌ථානය

සැප් 11 දා

ඉන්දියාව සහ භූටානය

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව

සැප්. 12 දා

නේපාලය සහ ඇµaගනිස්‌ථානය
පකිස්‌තානය සහ මාලදිවයින

සැප්. 13 දා විවේක දිනය

සැප්. 14 අවසන් පූර්ව තරග

සැප්. 15 විවේක දිනය

සැප්. 16 අවසන් තරගය

No comments:

Post a Comment