2012-08-28

ආසියානු වාර්තාවක්‌ ද පිහිටුවමින් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක්‌ වාර්තා කරයි

කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ දැන් ක්‍රියාත්මක 8 වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ තෙවැනි දිනය වූ ඊයේ නේපාලය පරාජයට පත්කරමින් වාර්තාගත තරග ජයග්‍රහණයක්‌ වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.
අදාළ තරගයේ අවසාන ලකුණු තත්ත්වය 127-3ක්‌ ලෙසින් සටහන් වූ අතර මෙය ආසියානු දැල්පන්දු තරගාවලියක කණ්‌ඩායමක්‌ වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා අතරට එක්‌වනු ඇත.
ඒ සමග තරගාවලියේ අපරාජිත තෙවැනි ජයග්‍රහණයත් වාර්තා කළ ශ්‍රී ලංකාව කතිර ක්‍රමයට පැවැත්වෙන අවසන් පූර්ව තරගය සඳහා මෙම ජයග්‍රහණයත් සමග පැහැදිළිවම සුදුසුකම් සපුරන ලදී.


අදාළ තරගයේ පළමු කාර්තුව අවසානයේ ලකුණු 28-2ක්‌ ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණි අතර තරගයේ ඉතිරි කාර්තු 3 දී ශ්‍රී ලංකාව තවත් ලකුණු 99 ක්‌ (පිළිවෙලින් ලකුණු 35, 30 සහ 34 ලෙස) ලබාගත් අතරවාරයේ ප්‍රතිවාදී නේපාලයට ලබාගත හැකි වූයේ එක්‌ ලකුණක්‌ පමණි.
ශ්‍රී ලංකාව සහභාගීවන පළමු වටයේ අවසන් තරගය අද (28 වැනිදා) ජපානය සමග පැවැත්වෙන අතර මෙම තරගාවලියට කෝඩුකාර ජපානයට එරෙහිව ශ්‍රී ලංකාව ඉතා පහසු ජයක්‌ වාර්තා කරනු ඇතැයි අපේක්‍ෂිතය.

No comments:

Post a Comment