| Teams | Mat | Won | Lost | Tied | N/R | Pts | Net RR |
|---|---|---|---|---|---|---|---|
| Wayamba U | 6 | 5 | 1 | 0 | 0 | 10 | +1.371 |
| K Warriors | 6 | 3 | 2 | 0 | 1 | 7 | +0.420 |
| Uva Next | 5 | 3 | 1 | 0 | 1 | 7 | +0.208 |
| Nagenahira | 5 | 3 | 2 | 0 | 0 | 6 | -0.534 |
| Ruhuna Ryls | 6 | 2 | 4 | 0 | 0 | 4 | -0.143 |
| Uthura | 6 | 2 | 4 | 0 | 0 | 4 | -0.527 |
| Basnahira CD | 6 | 1 | 5 | 0 | 0 | 2 | -0.885 |
2012-08-27
SLPL Points Table
ශ්‍රී ලංකාව ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අපරාජිතව ඉදිරියටම
කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පෙරේදා (25 දා) ඇරඹි 8 වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අඛණ්‌ඩ දෙවැනි ජයග්‍රහණය වාර්තා කරමින් ලකුණු 85-29 ක් ලෙස ඉන්දියාව පරාජයට පත්කිරීමට සත්කාරක ශ්‍රී ලංකාව ඊයේ සමත්විය.
තරගාවලියේ සමාරම්භක තරගය ලෙසින් පෙරේදා පැවැති ශ්‍රී ලංකාව සහ හොංකොං අතර තරගයේදී ලකුණු 81-38 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව ඊයේ ලැබූ පහසු ජයත් සමග පළමු වටයේදී අභියෝගයකින් තොරව ඉදිරියට යන අයුරක් දිස්‌වේ.
ඊයේ තරගයේදී ශ්‍රී ලංකා නායිකා තර්ජනී සිවලිංගම් ඇයට ලැබුණු පන්දු විදීමේ අවස්‌ථා 55න් 53ක් සාර්ථක කරගනිමින් ලොව උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස ඇගේ දායකත්වය ඉහළින්ම ලබාදීමට සමත් වූවාය. ජායාරූපයේ දැක්‌වෙන්නේ ඇය ලකුණක් ලබාගත් අවස්‌ථාවකි
ශ්‍රී ලංකා ක්‍රිකට් පූර්ණ සංශෝධනයට කැඳවූ ශ්‍රී ලංකාවේදී හරූන් ලෝගාට්‌ගේ වටිනාකම දවසට රු.ලක්‍ෂ 6යි
ශ්‍රී
ලංකා ක්‍රිකට් පරිපාලනයේ පූර්ණ ව්‍යහය සංශෝධනය කිරීම වෙනුවෙන්
පත්කරන ලද දකුණු අප්‍රිකානු ජාතික හරූන් ලෝගාට් මහතාට වේතන
වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ 135 කට වැඩි මුදලක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදෙනු ලබන බව සඳහන්වේ.ජගත් ක්‍රිකට් කවුන්සිලයේ හිටපු ප්‍රධාන විධායකවරයා මෙන්ම වෘත්තීයෙන් ගණකාධිකාරිවරයෙකු වන ලෝගාට් මහතාට අදාළ වේතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දෙනු ලබන්නේ දින 25 ක කාලයක් ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිය සේවය ලබාදෙන නිසාවෙනි. මේ අනුව බලන විට ලෝගාට් මහතාට දිනකට ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ 6 කට ආසන්න මුදලක් වේතන වශයෙන් ලබා දෙනු ඇත.
2012-08-26
ක්‍රීඩා සංගම්වල පදවි දැරීම දේශපාලකයන්ට තහනම් කරනවා - ක්‍රීඩා ඇමති
ක්‍රීඩා සංගම්වල නිලතල දැරීම ලබන වසරේ සිට දේශපාලකයන්ට තහනම් කරන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.මෙවැනි තහනමක් පිළිබඳව ඇමතිවරයා මීට කලින් ද ප්‍රතිඥා දුන් නමුත් පාපන්දු සංගමයේ සභාපති පදවිය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරට යලිත් වරක් තරඟයට ඉදිරිපත් වීම සඳහා ඇමතිවරයා අනුමැතිය ලබා දුන්නේ එම පොරොන්දුව දීමෙන් අනතුරුවයි.
ඉන්දීය ක‍්‍රීඩකයෝ යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් ශූරතාව දිනති

ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය යොවුන් ක‍්‍රීඩකයෝ සමත් වූහ. අද (26) පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය පිල සත්කාර ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 6 කින් පරාජය කළේය.
ආම්ස්ට්‍රෝංගේ ප‍්‍රංශ සවාරි ශූරතා හතම අහිමි කරයි
ප‍්‍රංශපාපැදි සවාරිය හත් වතාවක් ජයගත් ඇමරිකානු පාපැදි කී‍්‍රඩක ලාන්ස් ආම්ස්ට්‍රෝංගේ ශූරතා හතම ඔහුට අහිමි කිරීමට එක්සත් ජනපද මත්දාව්‍ය විරෝධී ඒජන්සිය සිකුරාදා පියවර ගත්තේය. එහෙත් ආම්ස්ට්‍රෝංගේ නීතිඥවරුන් පවසන්නේ එවන් තීරණයක් ගැනීමට එක්සත් ජනපද මත්දාව්‍ය විරෝධී ඒජන්සියට බලයක් නැති බවත් එහි අවසන් තීරණය පවතින්නේ ස්විට්සර්ලන්තයේ මුලස්ථානය පිහිටි කී‍්‍රඩා පිළිබඳ යුක්තිය පසිඳලීමේ අධිකරණය සහ ප‍්‍රංශ සවාරියේ සංවිධායකයන් සතුව බවත්ය.
එක්සත් ජනපද මත්දාව්‍ය විරෝධී ඒජන්සිය විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කරනු ලැබ ඇති තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනා පිළිබඳව තවදුරටත් කි‍්‍රයා නොකරන බව ලාන්ස් ආම්ස්ට්‍රෝං පසුගියදා පැවසීය.
SLPL Points Table
| Teams | M | W | L | NR | Points | NRR |
| Wayamba United | 5 | 4 | 1 | - | 8 | +1.506 |
| Kandurata Warriors |
6 | 3 | 2 | 1 | 7 | +0.420 |
| Uva Next | 5 | 3 | 1 | 1 | 7 | +0.208 |
| Nagenahira Nagas | 4 | 3 | 1 | - | 6 | -0.471 |
| Ruhuna Royals | 5 | 2 | 3 | - | 4 | -0.020 |
| Uthura Rudras | 5 | 1 | 4 | - | 2 | -0.809 |
| Basnahira Cricket Dundee | 6 | 1 | 5 | - | 2 | -0.885 |
Subscribe to:
Posts (Atom)